ඉදිරි පැය 6ක කාලය තුළ රාජාංගනය ජලාශය ආශ්රිත කරුවලගස්වැව, වනාතවිල්ලුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් කලා ඔය නිම්නය ආශ්රිත පහත්බිම් අයත් ප්‍රදේශවලට සුලු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබෙනවා.
කලා ඔයේ ඉහල ජල පෝෂක ප්‍රදේශවලට වැඩි වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් රාජාංගනය ජලශයේ වාන් දොරටු විවෘත කර ඇති බවත් කලා ඔයේ ජලය රළු වනු ඇති බවත් කලා ඔය භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙසත් දන්වා තිබේ.
අද මධ්‍යහ්න 12.30 සිට තත්පරයට ඝන අඩි 12,000ක ජල ධාරාවක් කලා ඔයට නිදහස් කරන බැවින් පහත් බිම් ප්‍රදේශවලට සුලු ගංවතුර තත්ත්වයක් ඇතිවේ.