අවිස්සාවේල්ල දෙහියාගල ප්‍රදේශයේ පතලකින් කිලෝග්රැම් 22ක් බරැති දුර්ලභ පළිඟු මැණිකක් හමුවී තිබෙනවා.එය පරික්ෂා කර තිබෙන මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරීන් පවසා ඇත්තේ එම මැණිකෙහි කැරට් අගය එක්ලක්ෂ දසදහසක් වන බවයි.
එම මැණිකෙහි අභ්‍යන්තරයේ දිය බුබුළක් පිහිටා තිබීම හේතුවෙන් මෙම පළිඟු මැණික අනෙක් පළිඟුවලට වඩා දුර්ලභවන බව ඔවුන් පවසනවා.මෙය දුර්ලභ පාෂාණයක් වන බැවින් එහි වටිනාකම ඉහළ අගයක් ගන්නා බව මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ප්‍රකාශ කර තිබෙනවා.