ඇමති වාසුදේව රජයේ රෝහලකට ඔහුගෙන් විශේෂ නිවේදනයක්

ඇමති වාසුදේව රජයේ රෝහලකට ඔහුගෙන් විශේෂ නිවේදනයක්

වාසුදේව නානායක්කාර මහතාගේ මාධ්‍ය අධ්‍යක්ෂකවරයා විසින් නිකුත් කරන ලද විශේෂ ප්‍රවෘත්ති නිවේදනය

ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොවිඩ් 19 වෛරසය ආසාදනය වීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත සායනික පරීක්ෂණ සඳහා යොමුකර තිබෙනවා

දැනට රජයේ ප්‍රතිකාර මධ්‍යස්ථානයක නේවාසිකව පසුවන අමාත්‍යතුමා මේ වන විට යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් යුතුව පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවනවා

ජනවාරි මස 09 වන දින පැවති උණ රෝගී තත්ත්වය සහ ශාරීරික අපහසුතාවය හේතුවෙන් වෛද්‍ය විශේෂඥ උපදෙස් මත පී. සී. ආර් පරීක්ෂණයකට යොමු වීමෙන් අනතුරුව ඔහුට කොවිඩ් 19 වෛරසයආසාදනය වී ඇති බව තහවුරු වුනා

අවම වශයෙන් ජනවාරි මස 06 වන දින සිට වාසුදේව නානායක්කාර අමාත්‍යතුමන් හමුවුනු සියලු දෙනාට ස්වයං නිරෝධායනයට යොමුවන ලෙස අමාත්‍යතුමා ඉල්ලා සිටින අතර දිවයිනේ නන් දෙසින් ආගමික වතාවත් ආශිර්වාද සෙත් ප්‍රාර්ථනා සිදුකරන මහා සංඝරත්නය පූජ්‍ය ප්‍රසාදීන් වහන්සේලාට සහ හිතවතුන්ට එතුමන්ගේ ගෞරවනීය ස්තුතිය පිරිනමන බවද ඔහු දන්වා සිටියා

මහේන්ද හරිස්චන්ද්‍ර
අධ්‍යක්ෂක මාධ්‍ය
ජල සම්පාදන අමාත්‍යංශය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *