ශ්‍රී ලංකාව තුල සිදු කෙරෙමින් ඇති කොරෝනා මර්දනය සාර්ථක බව තම මතය යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂ උපදේශක විශේෂඥ වෛද්‍ය පාලිත අබේකෝන් මහතා සඳහන් කරනවා
කොරොනා සඳහා වන එන්නත 20%කට ලබාදීම කිසිසේත්ම ප්‍රමාණවත් නැතැයි ද ඒ මහතා පවසා සිටියා
අඩුම තරමේ ජනග්‍රහනයෙන් 70%කට එම එන්නත් ලබාදිය යුතු බවදඔහු පෙන්වා දෙනවා
කොරෝනා වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහයන් භූමදානයටද අවසර දිය හැකි බවත් එය ලොව සෑම රටකම සිදු කරන ක්‍රියාවලියක් බවත් ඒ මහතා පවසා සිටියා
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් උපදේශකවරුන් පත්කළේ හය දෙනකු පමණක් බවත් අග්නිදිග ආසියාව භාරව ඇත්තේ තමන්ට බවත් ඔහු එහිදී තව වැඩිදුරටත් සදහන් කලා
මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මහතා සමග අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියා