අනුරාධපුර “අවන්ති දේවී කාන්තා ළමා නිවාසයේ” බාලවයස්කාර දරුවන්ට සිදුවූ අඩත්තේට්ටම්, හිංසා සම්බන්ධයෙන් එම ළමා නිවාසයේ පාලිකාව පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
එම ළමා නිවාසයේ දරුවන් 52 කගෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත්, එම ළමුන්ගේ ප්‍රකාශ අනුව ළමුන් ලිංගික අඩත්තේට්ම් සහ විෂමාචාරයන් වලට ලක්වී ඇති බවත් අනාවරණය වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර සිටියා.