බස්නාහිර පලාත තුල තිබෙන රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 2823ක් අතරින් ආයතන 473කට කොවිඩ් 19 ගැසට් නිවේදනය අනුව කටයුතු නොකිරීම හේතුවෙන් නඩු පැවරීමට කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කර තිබෙනවා.එමෙන්ම මුඛ ආවරණ නොපැළඳ පොදු ස්ථානවල ගැවසෙමින් සිටි පුද්ගලයින් 9,000කට වැඩි පිරිසකට නඩු පවරා තිබෙනවා.
අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ බස්නාහිර පළාතේ ඊයේ කළ වැටලීම්වලින් අත්අඩංගුවට ගත් මුඛ ආවරණ නොපැළඳි පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන ඇති බවයි.අද දිනයේද මෙම මෙහෙයුම් ක්‍රියාත්මක වන බව ඔහු ප්‍රකාශ කලා.