දින 29 ක පමණ කාලයක් අධිශීතකරණයක තැන්පත් කර තිබූ කොරෝනා මෘතදේහයක කොරෝනා වෛරසය තිබූ බව පරීක්ෂණවලින් හෙලිවී තිබෙනවා
මෙම මෘත දේහය අනුරාධපුර අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තබා ඇති අතර 73 හැවිරිදි පුද්ගලයෙකුගේ මෘතදේහයක් මෙසේ පරීක්ෂාවකට ලක් කර තිබෙනවා
කොරෝනා වැළඳීම නිසා එම පුද්ගලයා අනුරාධපුර රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු ජීවිතක්ශයට පත්ව තිබුනා
එම දේහය ආදාහනය කිරීම ප්‍රතික්ෂේප කරමින් ඔහුගේ ඥාතීන් එම මළ සිරුර බාර ගැනීමට අකමැති වී තිබෙනවා
එම හේතුව නිසා එම මලසිරුර අතිශීතකරනයේ මේ දක්වා තැම්පත් කර තැබීමට රෝහල් බලදාරීන් කටයුතු කර තිබුනා