විදේශයන් හි සිට මෙරටට කැඳවාගෙන එන ශ්‍රී ලාංකිකයින් නිරෝධායන කටයුතු සඳහා හෝටල් වෙත යොමු කිරීමේදී අයථා ලෙස මුදල් ලබා ගැනීමට තුන්වන පාර්ශවයකට ඉඩ නොතබන ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා හෝටල් හිමියන්ට දන්වා තිබෙනවා.
නිරෝධායන ක්‍රියාවලිය යුධ හමුදාව විසින් මනා ප්‍රමිතියකින් යුතුව පවත්වාගෙන යන බවත් විදේශයන්හි සිට පැමිණෙන මෙරට පුරවැසියන්ට නිරෝධායන කටයුතු සාධාරණ, දැරිය හැකි මුදලකට ලබා දීම තමාගේ අරමුණ බවත් යුධ හමුදාපතිවරයා පවසා සිටියා.
නිරෝධායන ක්‍රියාවලියකදී යම්කිසි ආකාරයකින් වෙනත් පාර්ශවයන් විසින් අයථා ලෙස මුදල් අය කිරීමක් හෝ වංචනික ක්‍රියාවක් සිදු කලහොත් වහාම යුධ හමුදාවට දැනුම් දෙන ලෙසද යුධ හමුදාපති ජෙනරාල් ශ්‍රවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කර සිටියා.