ඊයේ රාත්රියේ අනුරාධපුර පූජා නගරයේ නිවාස 10ක් පමණ මල්වතු ඔය පිටාර ගැලීම හේතුවෙන් යටවී තිබුණා.එමෙන්ම තවදුරටත් රජරටට ඇදහැලෙන ධාරාණිපාත වර්ෂා හේතුවෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජලාශ 72න් 28ක්ම වාන් දමමින් තිබෙන බව වාර්තා වනවා.මේ වන විට ඇද හැලෙන වර්ෂාව තවදුරටත් ඇද හැලෙන බවත් වාර්තා වනවා.
