පාදෙණියගේ නිවසේ පාටියකින් කොරෝනා ආසාදිතයන් හමුවේපා  ලයිට් නිවා ගේට්ටු වසා නිරෝධායනයෙන් කට්ටි පනී

පාදෙණියගේ නිවසේ පාටියකින් කොරෝනා ආසාදිතයන් හමුවේපා ලයිට් නිවා ගේට්ටු වසා නිරෝධායනයෙන් කට්ටි පනී

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ කැලණිය දිප්පිටිගොඩ ප්‍රදේශයේ පිහිටි නිවසේ පැවැත් වූ ප්‍රිය සම්භාෂණයකට සහභාගි වූ වෛද්‍යවරයකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට ඊයේ දිනයේ තහවුරු වුනා

අනුරුද්ධ පාදෙණිය මහතාට හිතවත් පවුල් තුනක සාමාජිකයන් හා හිතවතුන් විසි දෙනකු පමණ මෙම සම්භාෂණයට එක්වඇති අතර පසුගිය අටවැනිදා සම්භාෂණය පවත්වා තිබෙනවා
කොවිඩ් ආසාදනය වී ඇති වෛද්‍යවරයා මිනුවන්ගොඩ උග්ගල්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්

වෛද්‍යවරයා කොවිඩ් ආසාදිතයකු බව හඳුනාගැනීමෙන් පසුව ප්‍රියසම්භාෂණයට සහභාගි වූ සියලුදෙනා නිරෝධායනයට ලක්කරන ලෙස මිනුවන්ගොඩ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය අනුජ ප්‍රනාන්දු මහතා දැනුම් දී තිබෙනවා කොවිඩ් ආසාදනය වූ වෛද්‍යවරයා අවිස්සාවේල්ල මූලික රෝහලේ සේවය කරන බවද වාර්තා වන අතර මෙම වෛද්‍යවරයා පසුගිය 10 වැනිදා විවාහ මංගල්‍යයකටද සහභාගි වී තිබුනා ඔහු මේ වන විට අංගොඩ ​ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා

මේ අතර ප්‍රදේශය භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තිදෙනකු වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසට ඊයේ රාත්ත්‍රියේ 7.45 ට පමණ පැමිණ ඔහු නිරෝධායනයට ලක් කිරීමට සූදානම් වුවද එය අසාර්තක වී තිබෙනවා ඊට හේතුව වී ඇත්තේ වෛද්‍යවරයා ගේට්ටුව විවර නොකිරීම හා නිවසේ විදුලිය විසන්ධි කිරීම

මේ නිසා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් දැඩි අසීරුතාවට පත්ව කැලණිය ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනිය වෙත දැනුම්දීමෙන් අනතුරුව ඇය ප්‍රකාශ කර ඇත්තේ අද උදෑසන ගොස් නිරෝධායන කටයුතු සිදුකරන ලෙස

Leave a Reply

Your email address will not be published. Required fields are marked *