බැඳසිටි සුනඛයාට කොකා ගැස්සූ නරුමයා කැලේ පනියි

බැඳසිටි සුනඛයාට කොකා ගැස්සූ නරුමයා කැලේ පනියි

ගල්කිරියාගම, හල්මිල්ලෑව ප්‍රදේශයේ කුඩා දරුවෙකු පා පැදියකින් යමින් සිටියදී බල්ලෙකු සපා කෑමෙන් අනතුරුව එම දරුවාගේ තුවාලය සබන් ගා පිරිසිදු කර බල්ලාගේ හිමිකාරිය දරුවාගේ දෙමාපියන්ට දරුවා රැගෙන ගොස් භාර දී තිබෙනවා.

දරුවාගේ දෙමාපියන්ට සිදුවීම පැහැදිලි කර ඇය නැවත නිවසට ගොස් බල්ලා ගැට ගසා තිබෙනවා.රාත්‍රී 11.30 ට පමණ බල්ලාගේ කූඩුව දෙසින් ශබ්දයක් ඒම හේතුවෙන් නිවැසියන් බල්ලා අසලට එනවාත් සමගම පුද්ගලයෙකු බල්ලාට වෙඩි තබා දිව ගොස් තිබෙනවා.වෙඩි තැබූ පුද්ගලයා බල්ලා සපා කෑ දරුවාගේ පියා බව ඔවුන් හඳුනාගෙන තිබෙනවා.

අනතුරුව පසු දින එම දරුවාගේ මව විසින් බල්ලාගේ මල සිරුර සහ උණ්ඩය රැගෙන යාමට උත්සාහ දරා තිබෙන අතර නිවැසියන් එයට ඉඩ නොදී සිදුවීම පොලීසියට දන්වා තීබෙනවා.මේ වන විට එම දරුවාගේ පියා අතුරුදන් වී ඇති බව සඳහන් වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බල්ලාගේ පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *