තමන් කොරෝනා රෝගය සඳහා රාවණා පැණිය භාවිතා කලා යැයි පලවන ප්‍රකාශ අසත්‍ය බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා සඳහන් කරනවා
එවන් පැණියන් තමන් හෝ තම පවුලේ කිසිවෙක් පානය කලේ නැති බවත් ඔහු පවසා සිටියා
වෛරසය ආසාදනය වූ පසු තමන් වෛද්‍යවරුන් සහ හෙදියන් ගේ උපදෙස් මත ඉතාම සෞඛ්‍ය සම්පන්නව නිරෝධායනයට ලක්වෙමින් සිටින බව ද අමාත්‍ය වරයා පවසා සිටියා
අදාළ පුද්ගලයා විවිධ අය හරහා තමන් සම්බන්ධ කර ගැනීමට තුන් හතර වතාවක් උත්සාහ කලද තමන් එයට ඉඩ නොදුන් බවදඅමාත්ය වරයා පවසා සිටියා
කොරෝනා වැලදීමෙන් පසුව නිරෝධායනයට ලක්වන හික්කඩුවේ හෝටලයේ සිටිමින් අමාත්‍ය වරයා මෙම අදහස් පල කර තිබෙනවා