රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාගේ නිවසේ මීට දින කිහිපයකට පෙර මිතුරන් කිහිප දෙනෙකු සමග ප්‍රිය සම්භාෂණයක් පවත්වා තිබෙන අතර එම ප්‍රිය සම්භාෂණයට කොරෝනා ආසාදනය වූ වෛද්‍යවරයෙක්ද සහභාගී වී තිබෙනවා.
එම ප්‍රිය සම්භාෂණයට පවුල් 3 කට අයත් 20 දෙනෙක් පමණ සහභාගී වී තිබෙනවා.ආසාදිත වෛද්‍යවරයා මේ වන විට අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබන බවත් වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා දැරණියගල ප්‍රදේශයට නිරෝධායනය සඳහා ගොස් තිබෙන බවත් සඳහන් වනවා.