නාවලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසය තුලින් කොරෝනා ආසාදිතයින් 16ක් හමුවීම සහ ඔවුන් නගරයේ වෙළඳසැල් වල ගමන් කර තිබීම හේතුවෙන් හෙට සහ අනිද්දා දිනවල නගරයේ සියලුම වෙළඳසැල් වසා දමන බව වෙළඳසැල් සංගමයේ සභාපති සඳහන් කර තිබෙනවා.එමෙන්ම 18 වන දින මුලු නගරයේම වෙළඳසැල් සහ නගරයද විෂබීජහරණය කිරීම සිදු කරන බවද වාර්තා වනවා.
