පාදෙණිය බිවුව පැණි අනුව ඔහුට කොරෝනා හැදෙන්න බෑ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත කියයි

පාදෙණිය බිවුව පැණි අනුව ඔහුට කොරෝනා හැදෙන්න බෑ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත කියයි

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා බොන ලද පැණි ප්‍රමාණය අනුව ඔහුට කොරෝනා ආසාදනය විය නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසනවා

පැණි බීම නිසා තමන්ට කොරෝනා වැලඳෙන්නේ නැතැයි යන විශ්වාසය පාදෙණිය මහතාට තිබිය යුතු බවද එනිසා සැඟව නොසිට නොබියව පරීක්ෂණවලට පෙනී සිටිය යුතු බවද ලාල්කාන්ත මහතා පවසා සිටියා

පැණිය බී තිබියදීත් පාදෙණිය මහතාට වෛරසය ආසාදන වෙනවා කියන්නේ තත්ත්වය බරපතල බවද ඒ මහතා පවසනවා

ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලය පැවති මාධ්‍ය හමුවක් අමතමින් හිටපු මන්ත්‍රීවරයා මේ බව පවසා සිටියා

මේ අතර කොරෝනා ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු බව හෙලිව ඇති වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය මහතා සඳහන් කරන්නේ තමන් නිවසෙන් පලා නොගිය බවත් නිවසට වී මේ වන විට ස්වයං නිරෝධායනය වෙමින් සිටින බව

තම නිවසේ මෙහෙකරුවා නිවසට ඇරලවීම සදහා පෙරේදා දින රත්නපුරයට ගියා මිස සැගවී නොසිටි බවත් අද දිනයේ කොරෝනා පරීක්‍ෂණයක් සිදු කරන බවත් පාදෙනිය මහතා වැඩිදුරටත් පවසා සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *