විදේශ රටවල සිට මෙරටට පැමිණෙන අය නිරෝධායනය සඳහා හෝටල් වලට යොමු කරන අවස්ථාවල සමහර පුද්ගලයන් අයථා ලෙස මුදල් ලබාගෙන ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරනවා
ඒ නිසා එවන් තෙවන පාර්ශ්වයකට අයථා ලෙස මුදල් ලබා ගැනීමට ඉඩ නොදෙන ලෙස තමා නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධ හෝටල් හිමිකරුවන්ට දැනුම් දී ඇති බවද යුද හමුදාපති වරයා සදහන් කර සිටියා
මේ ආකාරයේ වංචනික කටයුතු සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණ යෙන්ම නැති කර ඇති බවද කී හමුදාපතිවරයා එවන් කටයුතු සිදු වන්නේ නම් වහාම යුද හමුදාවට දැනුම් දෙන ලෙසද හමුදපති වරයා ජනතාවගෙන් ඉල්ලීමක් කලා
නිරෝධායන ක්‍රියාවලිය ඉහල ප්‍රමිතියක් හා විශ්වාසනීයත්වයකින් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා යුද හමුදාව කැපවී සිටින නිසා යුධ හමුදා ප්‍රතිරූපයට හානි වීමට කිසිවිටෙක ඉඩ නොතබන බවද ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටහ් පවසා සිටියා