ඕනෑම පුරවැසියෙක්ට එක් නිවසකට වැඩි ගණනක ජීවත්වීමටත් කැමති ප්‍රදේශයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට අයිතියක් තියනව

ඕනෑම පුරවැසියෙක්ට එක් නිවසකට වැඩි ගණනක ජීවත්වීමටත් කැමති ප්‍රදේශයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට අයිතියක් තියනව

දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් අවතැන්ව සිටින ජනතාව උපන් ගම්බිම්වල ඡන්දහිමි නාම ලේඛනවල ලියාපදිංචි කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමේ සභාපතිවරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබෙනවා

එම ලිපියේ මෙසේද සඳහන් කර තිබුනා දශක තුනක පමණ කාලයක් පැවති යුද්ධයෙන් පීඩාවට පත්ව අවතැන්වූ ජනතාව යුද්ධය අවසන් වීමෙන් පසුව 2009 වසරේ සිට ඔවුන්ගේ උපන් ගම්බිම් පිහිටි මන්නාරම දිස්ත්‍රික්කයේ යළි පදිංචියට පැමිණිම ඇරඹූන්බවත් එම ජනතාව ස්ව කැමැත්තෙන් මුල් ගම්බිම්වල පදිංචි සිටියද එම ප්‍රදේශවල යටිතල පහසුකම් ප්‍රමාණවත් පරිදි මේ දක්වා සංවර්ධනය නොවීම නිසා එම ජනතාවට අයත් පුත්තලම දිස්ත්‍රික්කයේ නිවාස වලද ඔවුන් තාවකාලිකව පදිංචිව සිටිනව නමුත් පසුගිය පාර්ලිමේන්තු මැතිවරණය ඇතුළු පෙර පැවති මැතිවරණ කිහිපයකදී පොකුරු ඡන්ද මධ්‍යස්ථාන ඇති කර උතුරු පළාතේ ඡන්දදායකයන් ලෙස පුත්තලම දිස්ත්‍රික්කයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබාදීමට පහසුකම් සපයා තිබුන

එහෙත් මෙවර ඡන්දහිමියන් ලියාපදිංචි කිරීමේදී උතුරු පළාතේ ඡන්දදායකයන්ගේ නම් ඡන්ද නාම ලේඛනවලින් ඉවත් කිරීමට මැතිවරණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කටයුතු කර තිබෙන බවක් දැන ගැනීමට ලැබුනා එයට හේතුව ලෙස එම ඡන්දදායකයන් පදිංචිවී සිටින්නේ පුත්තලම දිස්ත්‍රික්කයේ බව සඳහන් කර තිබෙනවා උතුරු පළාතේ පදිංචි ජනතාවට තම මුල් ගම්බිම්වල ඡන්දය ප්‍රකාශ කිරීමට ඇති අයිතිය අහිමි කිරීම යුක්ති සහගත නොවන බවත් මූලික මානව අයිතිවාසිකම් කඩවීමක් බවත් රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මැතිවරණ කොමිසම වෙත යැවූ ලිපියේ සදහ්න්ව තිබුනා

ඕනෑම පුරවැසියෙක්ට එක් නිවසකට වැඩි ගණනක ජීවත්වීමට සහ ඔවුන් කැමති ප්‍රදේශයේ ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවීමට අයිතියක් තිබෙනවා එය ඡන්දහිමියාගේ අභිමතය සහ කැමැත්ත පරිදි තීරණය විය හැකී. එමෙන්ම එය නීතිමය අයිතියක් වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරු වන මෛත්‍රීපාල සිරිසේන චන්ද්‍රිකා බණ්ඩාරණායක යන මහත්ම මහත්මීන් කොළඹ පදිංචිව සිටියද ඔවුන් ඡන්දහිමි නාම ලේඛනයේ ලියාපදිංචිවී සිටින්නේ හම්බන්තොට, පොළොන්නරුව සහ ගම්පහ දිස්ත්‍රික්කවලින්

එබැවින් තමන්ට නිවසක් තිබෙන ස්ථානයක සිය ඡන්දය ලියාපදිංචි කිරීම පුරවැසියන්ගේ අයිතියක් යුද්ධයෙන් අවතැන්ව සිටි ජනතාව යළි මුල්ගම්බිම්වල පදිංචි වී සිටියද එම ප්‍රදේශවල මූලික යටිතල පහසුකම් නොතිබීම නිසා ඔවුන් පුත්තලම දිස්ත්‍රික්කයේද පදිංචිව සිටින බව මැතිවරණ කොමිසමට දැනුම් දී එම ඡන්දහිමියන් සම්බන්ධයෙන් තීරණ ගෙන තිබුණද මන්නාරම දිස්ත්‍රික්කයේ සහකාර මැතිවරණ කොමසාරිස්තුමා විසින් නාම ලේඛනවලින් ඡන්ද හිමියන් 7,727 දෙනෙකුගේ නම් ඉවත් කර තිබෙන බව දැන ගැනීමට ලැබුනා

ඒ අතර මන්නාරම නගර ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ ඡන්දහිමියන් 2,618 දෙනෙකු මුසලි ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 3,452 දෙනෙකු මන්තායි බටහිර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 1,217 දෙනෙකු නනාට්ටාන් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඡන්ද හිමියන් 457 දෙනෙකු සහමන්නාරම නගර සභා බල ප්‍රදේශයේ ඡන්දහිමියන් 342 දෙනෙකුගේ නම් ඡන්දහිමි නාම ලේඛනයෙන් ඉවත් කර තිබෙන බවත් එමගින් එකී ජනතාවට අසාධාරණයක් වී ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතා මැතිවරණ කොමිසමට යොමු කළ ලිපියේ වැඩිදුරටත් සඳහන් කර තිබුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *