ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් රට පාලනය කරමින් සිටින්නේ තමන්ට හිතවත්පිරිසක් සමගින් බව ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරනව
එම පක්ෂයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට කිසිදු බලයක් නැති තත්වයක් උදා වී ඇති බව
වත්මන් ආණ්ඩුව අද සිදු කරමින් සිටින්නේ වචන හරඹයක් පමණක් බවත් මේ ආණ්ඩුව අනුගමනය කරමින් සිටින්නේද පැවති යහපාලන රජයේ ආර්ථික ප්රතිපත්තියම බව ද ටිල්වින් සිල්ව මහතා සදහන් කලා
අද ආණ්ඩුව ද සිදු කරමින් සිටින්නේ ජාතික සම්පත් විකිණීම පමණක් බවද ඔහු වැඩිදුරටත් පවසා සිටියා
ඔහු මේ බව කියා සිටියේ ජනතා විමුක්ති පෙරමුණ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමින්