පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය රට පුරා බස් වැඩ වර්ජනයක් කැදවයි

පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය රට පුරා බස් වැඩ වර්ජනයක් කැදවයි

හෙට දිනයේ සිට රට පුරා බස් රථ වර්ජනයක් ආරම්භ කරන බව ලංකා පුද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසනවා

සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසන්නේ ආණ්ඩුවෙන් ඉල්ලන ලද කිසිදු සහනයක් නොලැබූ නිසා මෙම පියවර ගන්නා බව

කොරෝනා ව්‍යාප්තියත් සමග කර්මාන්තය මේ වන විට බින්දුවටම වැටී ඇති බවද ඔහු පවසා සිට්ය්යා

බොහෝ බස්රථවල ලීසිං වාරික ගෙවා ගත නොහැකිව බස් රථ හිමියන් අන්ත අසරණ වී ඇති බවත් ලීසින් සහනයක් ඉල්ලුවද එයද ක්‍රියාත්මක නොවන බවත් ඔහු පවසා සිටියා

එමෙන්ම දේශපාලන හිතවතුන්ට පුද්ගලික බස් රථ මාර්ග ධාවන බලපත්‍ර නිකුත් කිරීමට විරෝධය පළකරන බවත් එය වහා නතර කළ යුතු බව බවද ඔහු වැඩිදුරටත් සදහන් කලා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *