මාස දෙකක බිලිදෙක් පුච්චලා මගේ හද කකියනවා වැලිගම නගරාධිපති කියයි

මාස දෙකක බිලිදෙක් පුච්චලා මගේ හද කකියනවා වැලිගම නගරාධිපති කියයි

කොරෝනා ආසාදනය වී මිය ගිය මාස දෙකක් වයසැති බිලිදියක් ආදාහනය කර ඇති බව වැලිගම නගරාධිපතිවරයා පවසනවා

ඔහු ට්විටර් සටහනකින් පවසන්නේ මෙය තමාගේ හද කම්පා කරන පුවතක් බව

එම සිරුර භූමදානය කිරීමට ඉඩ ලබාදීමට අපොහොසත් වීම ගැන තමන් කණගාටුවන බවද එම පණිවිඩයේ සදහන්

තමන් වැලිගම පොලිසියේ ස්ථානාධිපතිවරයා සමග මේ ගැන දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවත් භූමදානයට ඉඩදිය හැකි ක්‍රමයක් නැති බවත් ඔහු පැවසූ බවද නගරාධිපතිවරයාගේ සටහනේ තවදුරටත් සදහන්ව තිබෙනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *