කොරොනා වෛරසය ආසාදනයෙන් වැළකීමට හැකි වනු ඇතැයි විශ්වාසයෙන් කෑගල්ලේ ධම්මික පැණිය තමා සහ බිරිඳ ඇතුළු දරුවන් හතර දෙනා පානය කළ බව කෑගල්ල ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණ ශිලන්ත විජේපාල මහතා පවසා සිටියා
නමුත් තමන් ඇතුළු මුළු පවුලටම කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මේ වන විට තමා සහ බිරිඳ ඇතුළු දරුවන් ඇඹිලිපිටියේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින බවද ඔහු පවසා සිටියා
එම පැනය පාණිය කළ තම සහෝදරයා ඇතුළු ඥාතීන් හා හිතවතුන් සැලකිය යුතු පිරිසකට ද කොරෝනා වෛරසය ආසාදන වී ප්‍රතිකාර ලබන බවද මන්ත්‍රී වරයා සදහන් කලා
තමන් සහ තම පවුලේ සියලු දෙනා නියමිත පරිදි දින දෙකක් නියමිත මාත්‍රාවට පැණිය පානය කළ බවද පැවසූ ඔහු එම කාලයේ දී මස් මාළු බිත්තර කෑමෙන් වැළකුණ බවත් වත්පිළිවෙත් අකුරටම රැක්ක බවත් පවසා සිටියා
පැණි බොන කාලයේ කළ යුතු උපදෙස් මාලාවක් ලැබී තිබුණු බවත් එය ඒ ආකාරයටම ඉටු කළ බවත් ඔහු සදහන් කලා
මෙම පැණිය මුල් කොරෝනා සදහා සාර්ථක වේවා යැයි තමන් මුලදී පැතුව ද නමුත් මෙය කොරෝනා සදහා සාර්ථක ප්‍රතිකාරයක් නොවන බව දැන් පැහැදිලි ය යි ද ඒ මහතා පවසා සිටියා