කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ඉන්දීය සමාගමකට ලබා දුන්නොත් ආණ්ඩු විරෝධී මහ ජන රැල්ලක් අති වන බ්ව පූජ්‍ය බෙංගමුවේ නාලක හිමියෝ සඳහන් කරනවා
එවන් තත්වයකට ඉඩ නොතබන්නයි රජයෙන් ඉල්ලා සිටින බවද උන්වහන්සේ සදහන් කලා
ඉන්දීය අදානි සමාගම මේ වන විට කොළඹ සිට කිලෝමීටර 200ක් දුරකින් ඉන්දියාවේ තවත් වරායක් ගොඩනගමින් සිටින බව ද උන්වහන්සේ පවසා සිටියා
එම සමාගම එවන් තත්ත්වයකදී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ලබාගෙන ඊට යහපත් ලෙස කටයුතු කරනු ඇතැයි සිතන්නේ කෙසේදැයි උන්වහන්සේ වැඩිදුරටත් පවසා සිටියා
මාධ්‍ය හමුවක් අමතමින් උන්වහන්සේ මෙම අදහස් පල කර සිටියා