බූස්සේ ස.තො.ස. ගබඩා කළමණාකරු පන්නා දමයි

බූස්සේ ස.තො.ස. ගබඩා කළමණාකරු පන්නා දමයි

වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ සවස බූස්ස සතොස ගබඩා සංකීර්ණයේ නීරික්ෂණ චාරිකාවකට එක්වී තිබෙනවා.එහිදී වෙළෙඳපොළේ පවතින මිලට වඩා රුපියල් 30ක් පමණ අඩුවෙන් සතොස අලෙවිසැල් සඳහා අලෙවියට නියම කර ඇති දේශිය තේ පැකට් තොගයක් අලෙවි සැල් සඳහා බෙදා නොහැර රෙදි සෝදන සබන් අතර සඟවා තිබියදී සොයාගත් බව සඳහන් වේ.

එමඟින් පාරිභෝගිකයන්ට ලබාදුන් සහන ලබා නොදී කඩාකප්පල් ක්‍රියාවක් සිදුකර ඇති බව අමාත්‍යවරයා පවසා එම කළමණාකාරවරයාගේ වැඩ තහනම් කරන ලෙස පවසා ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පවත්වා එයට සම්බන්ධ සියල්ලන්ටම තරාතිරම නොබලා දඬුවම් දෙන ලෙස නියෝග කර තිබෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *