තමන්ව සිර දඬුවමින් නිදහස් කර වීම සඳහා මල්වතු මහනාහිමියන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය මැදිහත් වූ බව ජනාධිපති සමාව හේතුවෙන් ජීවිතාන්තය දක්වා තිබූ සිර දඬුවමෙන් නිදහස ලබා සිටින පූජ්‍ය ඌවතැන්නේ සුමන හිමියෝ සඳහන්කරනවා
තමන් හසු කර තිබුණේ කුමන්ත්රනයට බවත් එවකට ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට අවි ආයුධ ගෙන ඇවිත් කුමන්ත්‍රණය කලේ යයි එල්ල වූ චෝදනා අසත්‍ය බවත් එම හිමියන් සදහන් කලා.
වංචාකාරයෙක් මැරයෙක් හොරෙක් යැයි තමනට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරන බවත් තමන් කිසිදු විටක බලහත්කාරයෙන් කිසිවෙකු රවටා මුදල් අරගෙන නැති බවත් උන් වහන්සේ පවසා සිටියා
අන්තර්ජාල සාකච්චාවකට එක්වෙමින් එම හිමියන් මෙම අදහස් පල කර සිට්යා