සිරදඬුවම අවසන් වූ පසුව ද රන්ජන් රාමනායක මන්ත්රීවරයාට ජනාධිපති සමාවක් නොලැබුන හොත් කිසි සේත්ම නැවත පාර්ලිමේන්තු ඒමට නොහැකි බව ජනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා මහතා සඳහන් කරනවා
සිර දඬුවම විදින කාලය තුළ ඔහුට පාර්ලිමේන්තු ඒමට කිසිම හැකියාවක් නැතැයි ද පවසන ඔහු මාස හයකින් පසු මන්ත්රී ධූරය ද අහෝසි වන බවද සදහන් කලා
සිර දඬුවම අවසන් වන දින සිට වසර හතක කාලයකට ඔහුගේ ප්රජා අයිතිය අහෝසි වන බව ද පෙන්වා දුන් නීතිඥවරයා
එම කාලයෙන් පසුවද ඔහුට පාර්ලිමේන්තුවට පැමිණීමට හැක්කේ ජනාධිපති සමාව ලැබුණහොත් පමණක් යැයිද පවසා සිටියා
අන්තර්ජාල නාලිකාවක් සමග සාකච්ඡාවට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පල කර සිටියා