ශ්‍රී දලදා මාළිගාවට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් කිහිපදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබේ.ඔවුන්ගේ ආශ්රිත නිලධාරීන් සියලු දෙනාම මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙන අතර තාවකාලිකව වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරීන් යොදවාගෙන කටයුතු කරගෙන යන බව වාර්තා වනවා.
එමෙන්ම දලදා මාළිගාවේ සේවකයින් කිසිවෙකුටත් කොරෝනා ආසාදනය වී නොමැති බවත් එදිනෙදා තේවා කටයුතු සාමාන්‍ය පරිදි කරගෙන යන බවත් සඳහන් වනවා.