හොර අඹුවක් හෝටල් කාමරයට ගෙන්න්න හැදු ක‍්‍රීඩකයා ගැන තිසර පෙරේරා හෙලි කරයි

හොර අඹුවක් හෝටල් කාමරයට ගෙන්න්න හැදු ක‍්‍රීඩකයා ගැන තිසර පෙරේරා හෙලි කරයි

මෙරට ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන ශ‍්‍රී ලංකාව අතහැර ඇමරිකාවේ පදිංචියට ගිය ක‍්‍රීකට් ක‍්‍රීඩක ෂෙහාන් ජයසූරිය විසින් මාධ්‍ය වෙත කර තිබූ ප්‍රකාශයට ජාතික කණ්ඩායමේ ක්‍රීඩක තිසර පෙරේරා ප‍්‍රතිචාර දක්වා තිබෙනවා

ෂෙහාන් ජයසූරියගේ නොමනා හැසිරීම් ගැන සඳහන් කරමින් ඔහු විසින් තම ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන තමයි මේ

මාගේ සහෝදර ක්‍රීඩකයෙක් මා පිලිබදව පුවත්පතකට කර ඇති ප්‍රකාශයක් හේතුවෙන් මා පිලිබද වැරදි වැටහීමක් ඇතිවිය හැකි බව පෙනීයන නිසා ඒ කාරණය පිලිබදව සත්‍ය තත්වය පැහැදිලි කිරීම සුදුසු බවට මා තීරණයට කලා

ඔහු සදහන් කල කාරණය තරගාවලියක් අතරතුර සිදූවූ කාරණයක් නිසා එවනි දේ පිලිබදව ජනමාධ්‍ය ඉදිරියේ කතා කිරීම පිලිගත් සම්ප්‍රදාය නොවුනත් මාගේ සහෝදර ක්‍රීඩකයා සම්පූර්ණ වැරදි ප්‍රකාශයක් සිදුකිරීමෙන් පසුව ඒ පිළිබදව සත්‍ය ප්‍රාකාශ කිරීම හැර මට කිසිදු විකල්පයක් නැහැ

2017 වර්ශයේ ඩුබායි හී දී මා නායකත්වය දැරූ සංචාරයකදී මාගේ සහෝදර ක්‍රිඩකයා යම් කාන්තාවක් ( අද ඔහූගේ දෙවෙනි බිරිය ) සංචාරයට රැගෙන විත් ඇයව ඔහුගේ කාමරයේ තියාගැනීමට එවකට සිටි කලමනාකරුගෙන් අවසර ඉල්ලා තිබුනා

එවිටත් ඔහු විවාහක එක්දරු පියෙක් බැවින් කණ්ඩායම් නායකයා ලෙස මම ඒ යෝජනාව තරයේ ප්‍රතික්ෂේප කලා. එයට හේතුව කන්ඩායමක් තුල ආරක්ෂා කලයුතු විනයයි කණ්ඩායම සමග සඔචාරයක යෙදී සිටියදී විනයගරුකව හා ගෞරවනීය ලෙස හැසිරීමට අප සැම බැදී සිටිනවා මා එදා එයට එකගවූවේ නම් සමහර විට අද මා ඔවුන් දෙදෙනාගේ වීරයා වන්නට ඉඩ තිබින නමුත් විවාහකයකුට දැන දැනම වෙනත් කාන්තාවක් තම හෝටල් කාමරය තුල තබා ගැනීමට ඉඩ දීම ඡේෂ්ඨ ක්‍රීඩකයෙක් ලෙස මා විසින් නවකයින්ට ලබා දෙන වැරදි ආදර්ශයක් මෙන්ම දැඩි විනය විරෝධී කතාවක්
මේ කතාවේ සත්‍ය තමයි මේ

කිසිවෙකු සමග පෞද්ගලික තරහක් මා හට කිසිසේත්ම නොමැත විනය යනු කණ්ඩායමක් තුල තිබුය යුතුම දෙයක් වගකිව යුතු ක්‍රීඩකයෙකු ලෙස විනය රැකීම ඉතා වැදගත් මෙන්ම එය ඕනෑම කන්ඩායමකට හෝ ක්‍රීඩකයෙක්ට සාර්ථකත්වය කරා යෑම පහසු කරන්නක්

හැමදේම දක්ශතාවය මත පමණක්ම තීරනය නොවන අතර මා එදා ඉටු කලේ මාගේ යුතුකම හා වගකීමයි

අපගේ ඡේෂ්ඨයින්ගෙන් අප ආදර්ශයට ගත් දේ වගේම බිරිද දරුවන් හැර වෙනත් පිටස්තරයින් සඔචාරයක් තුල හෝටල් කාමරයේ තියාගැනීම ද අපගේ නීති සහ රෙගුලාසි වලට මෙන්ම සදාචාරයටද පටහැනී

ඒ වගේම කිසිම පිටස්තරයෙකුට පමණක් නොව පවුලේ සාමජිකයෙකුට වුවද ක්‍රීඩා විවේකාගරයට ඇතුල්වීමට කිසිදු අවසරයක් නැහඇ එය වෙන්වන්නේ ක්‍රිඩකයින්ට හා කණ්ඩායමේ කලමනාකාරිත්වයට පමණයි අප හැම දන්නා හා ගරුකරන නිතීය තමයි ඒ මේ තීරණ මා හා කන්ඩායම් කලමනාකාරිත්වය එක්ව ගත් තීරණ මිසක් කිසිසේත්ම මාගේ බිරිද විසින් ගත් තීරණ නොවෙයි ඔහු විසින් නම් කර ඇති ක්‍රිඩකයින් ගෙන් මාගේ බිරිද එවැන්නක් ඔවුන් හට පැවසූවාද නැද්ද යන්න හොදම පිලිතුර ඇත්තේ ඒ ක්‍රිඩකයින් ලග

ක්‍රීඩාව හා පෞද්ගලිකත්වය මිශ්‍ර කර නොගන්නේ නම් කිසි දින අනවබෝධයක් ඇති නොවනු ඇති

එසේම පුද්ගලික කාරණාවක් පිලිබදව අදහස් ප්‍රාකාශ කිරීමට අකමැත්තෙන් පෙලඹීමට සිදුවීම ගැන මා සමාව ඉල්ලා සිටිනවා

මොහු පවසන පරිදි මාගෙ මේ සහෝදර ක්‍රීඩකයා අප නිසා රට හැර ගියේ නම් එය බලවත් කනුගාටුවට කරුණක් නමුත් එය කිසීසේත් එලෙස සිදු වූ වක් නොවෙයි

කෙසේ වෙතත් මා ඔහුට සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමි

තිසර පෙරේරා FB

Leave a Reply

Your email address will not be published. Required fields are marked *