තිදරු මවක් ඝාතනය කෙරේ සැමියා සැක පිට අත්අඩංගුවට

තිදරු මවක් ඝාතනය කෙරේ සැමියා සැක පිට අත්අඩංගුවට

කිලිනොච්චිය පූනකරී පොලිස් වසමේ තෙලිගරෙයි ප්‍රදේශයේ නිවසක් තුල තිබී ඝාතනය කෙරුණු කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (17) දින සොයාගත් බවට පූනකරී පොලීසිය පවසනවා

මෙසේ ඝාතනය කොට ඇත්තේ තිදරු මවක් වන අතර ඇගේ ගෙල කිසියම් තියුණු ආයුධයකින් කැපීම නිසා ඝාතනය වී ඇති බවටත් පවුල් ආරවුලක් මත මෙම ඝාතනය සිදුවන්නට ඇති බවටත්පොලීසිය සැක පල කරනවා

කෙසේ වෙතත් අදාල ඝාතනයෙන් පසුව කාන්තාවගේ සැමියා අත්අඩංගුවට ගෙන ඇති අතර මළ සිරුර කිලිනොච්චිය රෝහලේ තැන්පත් කිරීමටයි කටයුතු කර ඇත්තේ

මෙලෙස ඝාතනය වී ඇත්තේ තෙලිගරෙයි ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි තිදරු මවක් වූ ආර්. ක්‍රිෂ්ණකුමාරි වන අතර පූනකරි පොලීසිය වැඩිදුර පරික්ෂණ සිදු කරනු ලබනවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *