21 සිට සංචාරකයන්ට රට විවෘතයි ප්‍රසන්න රණතුංග මහතා කියයි

21 සිට සංචාරකයන්ට රට විවෘතයි ප්‍රසන්න රණතුංග මහතා කියයි

ලබන බ්‍රහස්පතින්දා සිට (21) සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන්ට රට විවෘත කිරීමට සියල්ල සූදානම් බවත් මෙරටට පැමිණෙන සංචාරකයන්ගෙන් සමාජයටත් සමාජයෙන් සංචාරකයන්ටත් කොවිඩ් 19 වසංගතය පැතිරීම වැළැක්වීම සඳහා ගතහැකි සියලු පියවර ගෙන ඇති බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසනවා

ඔහු පෙන්වා දෙන්නේ සංචාරකයන්ට රට විවෘත කිරීම සිදුකරනු ලබන්නේ සංචාරක ව්‍යාපාරයේ සෘජුව හා වක්‍රව යැපුණු ලක්ෂ 30කට ආසන්න පිරිසක් පත්ව ඇති පීඩාව සලකා බලමින් බව

ජනමාධ්‍ය අමාත්‍යංශයේදී මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මේ බව සඳහන් කලා ජනමාධ්‍ය ඇමති කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වා තිබුනා

පසුගිය දෙසැම්බර් 26 වෙනිදා ආරම්භ කෙරුණු නියාමන ව්‍යාපෘතිය යටතේ යකුරේන සංචාරකයන් 1500කට ආසන්න පිරිසක් මේ වනවිට දිවයිනට පැමිණ
ඇති අතර ඉන් මෙරටට ලැබුණු ආදායම රුපියල් මිලියන 420 ක් බව සදහන් එම නියාමන වයාපෘතියේදී හඳුනාගත් සියලු අඩුපාඩු සහ ගැටලු නිවැරදි කර සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව සංචාරකයන් දිවයිනට ගෙන්වීම සඳහා සියලු පියවර ගෙන ඇති බවද ඇමතිවරයා මෙහිදී පවසා සිටියා මෙරටට පැමිණෙන සංචාරකයන්ට නවාතැන් සැපයීම සඳහා හෝටල් 180ක් පමණ හඳුනාගෙනඇති අතර මෙම හෝටල් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරන බවට සහතිකලත් හෝටල් ද වනවා සංචාරක සංවර්ධන අධිකාරිය මඟින් අඳාල සහතිකය නොමිලේ ලබාදීමට හෝටල් හිමියන්ට අවස්ථාව සලසා තිබෙනවා 21 වනදායින් පසුව මෙරටට පැමිණෙන සංචාරකයින් සංචාරක බුබුලක් ලෙස ක්‍රියාත්මක වීමට නියමිත බවත් පැමිණීමට පැය 72කට පෙර ඔවුන් පී.සී.ආර්. පරීක්ෂාවකට ලක්විය යුතු බවත් මෙරටට පැමිණීමට ඉඩලැබෙන්නේ එම පරීක්ෂණයෙන් කොවිඩ් ආසාධිත නොවන බවට තහවුරු වූ සංචාරකයින්ට පමනක් බවත් බවත් සදහන් මෙරටට පැමිණෙනු සියලුම සංචාරකයින්ට හෝටල් ගතවීමට පෙර තවත් පී.සී.ආර්.පරීක්ෂණයක් සිදුකෙරේ එහි ප්‍රතිඵලය පැමිණෙන තුරු ඔවුන් අදාල හෝටල් වලම රැදී සිටිය යුතුයි දින 5-7ත් අතර කාලයේදී මෙම සංචාරකයන් තවත් පී.සී.ආර් පරීක්ෂාවකට ලක්කෙරෙන අතර හඳුාගත් සංචාරක කලාප 14ක සංචාරක බුබුලක් ලෙස ගමන් කිරීමේ හැකියාව ඔවුන්ට ලැබෙන්නේ ඉන් අනතුරුව බවටයි සදහ්න් වන්නෙ

සංචාරකයන් පැමිණෙන හෝටල් වල කාර්යමන්ඩලද මෙම සංචාරක බුබුලට අයත් වන බැවින් ඔවුන්ටද සාමාන්‍ය සමාජය සමග ගැවසීමට ඉඩක් නැති බවද ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදි පවසා සිටියා

ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කලේ සංචාරක කර්මාන්තය බිද වැටීමෙන් විශාල පිරිසක් පිඩාවට පත් ව සිටින බව ජාතික වගකීමක් ලෙස සලකා සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට රජය ගෙන යන වැඩ පිලිවෙලට සහය වන්නැයි ඇමතිවරයා සියළු මාධ්‍ය ආයතන ප්‍රධානීන්ගෙන ඉල්ලීමක්ද කර සිටියා රටේ ජනතාව කොවිඩ් වසංගතයෙන් ආරක්ෂා කර ගනිමින් රට යථා තත්වයට පත් කිරීමේ වගකීම අපට තිබෙන අතර රාජ්‍ය මාධ්‍ය වගේ පෞද්ගලික මාධ්‍ය වලටත් මෙහිදි විශාල කාර්යයභාරයක් පැවරී තිබෙනවා ඒ නිසා මේ කටයුත්තේදි මාධ්‍යවල සහය අපට අවශ්‍ය බව ඇමතිවරයා පවසා සිටියා

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ජගත් බී. විජේවීර සංචාරක අමාත්‍යාංශයේ ලේකම් එස්. හෙට්ටිආරච්චි සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු අධ්‍යක්ෂක ජෙනරාල් ධම්මිකා විජේසිංහ සහ රජයේ ප්‍රවෘත්ති නාලක කළුවැව යන මහත් මහතමීන් සහ රජයේ පෞද්ගලික සියළු විද්‍යුත් හා මුද්‍රීත මාධ්‍ය ප්‍රධානීන්ද එක්ව සිට්යා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *