නැගෙනහිර පර්යන්ත ගිවිසුමට අගමැති විරුද්දයි අපට විරෝධතා කරන්න කිවුවා ජනාධිපතිට ඕනි දෙන්න

නැගෙනහිර පර්යන්ත ගිවිසුමට අගමැති විරුද්දයි අපට විරෝධතා කරන්න කිවුවා ජනාධිපතිට ඕනි දෙන්න

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්ත ඉන්දීය සමාගමක් සමඟ හවුල් ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර යන මහතුන්ගේ උපායක් බව වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලී සේවක සංගමය සඳහන් ප්‍රකාශ කරනවා

නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙම නැගෙනහිර පර්යන්ත ගිවිසුමට සම්පූර්ණයෙන්ම විරුද්ධව බවත් ඊට විරුද්ධ වන්නැයි තම සේවක සංගමයෙන් ඉල්ලා සිටි බවත් ඔවුන් සදහන් කලා

නමුත් ජනාධිපතිට මෙම නැගෙනහිර පර්යන්තය ලබාදීමට උවමනාව ඇති බවත් ඊට විරුද්ධව කැබිනට් ඇමතිවරු ගණනාවක් සිටින බවත් ඔවුන් නියම වෙලාවට ආණ්ඩුවෙන් ජීවිත බදිනු ඇති බවත් ඔවුහු පවසා සිටියා

හැකිනම් මේ සම්බන්ධ වන කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරන්නැයිද අභියෝග කරන ඔවුන් කොළඹ වරායද ඉන්දියාවට දුන් දවසට ආණ්ඩුවේ අවසානය යැයිද වැඩි දුරටත් පවසා සිටියා

එම සංගමයේ සභාපතිවරයා සහ ප්‍රධාන ලේකම්වරයා අන්තර්ජාල නාළිකාවක් සමඟ සාකච්චාවකට එක්වෙමින් එම අදහස් පළ කර තිබුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *