මගේ නිරෝධායන බඩු මල්ල ලැබුනේ නෑ දකුණු පලාත් ආණ්ඩුකාර කියයි

මගේ නිරෝධායන බඩු මල්ල ලැබුනේ නෑ දකුණු පලාත් ආණ්ඩුකාර කියයි

සති දෙකක කාලයක් තමන් නිරෝධායන වී සිටිය ද ඒ සඳහා ලැබිය යුතු බඩු මල්ල ලැබුණේ නැතැයි දකුණු පළාත ආණ්ඩුකාර විලී ගමගේ මහතා සදහන් කරනවා

ඔහු මේ බව පවසා සිටියේ ගාල්ලේදී පැවති ගාල්ල දිස්ත්‍රික් කොරෝනා මර්ධන කමිටු රැස්වීමක් අමතමින්

කොරෝනා පළමු ආසාදිතයකුගේ පළමු පෙළ ආශ්‍රිතයෙකු වී තමන් සති දෙකක කාලයක් නිරෝධායනයේ යෙදී සිටි බව ආණ්ඩුකාරවරයා විසින් ම එහිදී ප්‍රකාශ කලා

නමුත් එතෙක් එය දකුණෙ කිසිදු සෞඛ්‍ය බලධාරියෙකු දැන නොසිටි බව පවසන ආන්ඩුකාර වරයා තමන් ආශ‍්‍රිතයෙකු වූයේ කාගෙන් දැයි ප්‍රකාශ කලේද නෑ

පසුගිය සති දෙකක පමණ කාලයේ දී තිබූ උත්සව සහ රැස්වීම් ගණනාවකට ආණ්ඩුකාරවරයා සහභාගී නොවූයේ නොවැලැක්විය හැකි හේතුවක් නිසා යැයිද පවසා සිටියා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *