කොළඹ වරාය නැගෙනහිර පර්යන්තය ඉන්දියාව සමග හවුල් ව්‍යාපාරයකට යාමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විරෝධය පල කර තිබෙනවා
එම පක්ෂ නායක මහිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ශය සිටින්නේ එම ස්ථාවරයේ බව
තමන් ජනාධිපති ධුරය දරද්දී මෙම කොටස ඉන්දියාව ඉල්ලූ බවත් තමන් එය නොදෙන බව ඉතා පැහැදිලිව දැනුම්දුන් බවත් ඔහු සඳහන් කලා
නැගෙනහිර පර්යන්තය කිසිම විදේශ රටකට ලබා නොදෙන බවත් තමන් ජනාධිපති ලෙස කටයුතු කරද්දී ප්‍රතිඥාවක් දුන් බවද ඔහු පවසා සිටියා
හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ කලුතර ප්‍රදේශයේ පැවති උත්සව සභාවකින් පසු මාධ්‍ය වෙත අදහස් පල දක්වමින්