මහ වැස්සෙන් කිලිනොච්චියේ වැවක් කැඩී යයි

මහ වැස්සෙන් කිලිනොච්චියේ වැවක් කැඩී යයි

කිලිනොච්චි ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකය යටතේ ඇති 571 වන බලසේනාව යටතේ පාලනය වන 12 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් ඉකුත් බ්‍රහස්පතින්දා අධික වර්ෂාව හේතුවෙන් හානියට පත් කිලිනොච්චිය කන්දකුලම් වැව් බැම්ම මහත් පරිශ්‍රමයක් දරා නැවත පිළිසකර කර තිබුනා

සිද්ධිය සැල වූ විගස ක්‍රියාත්මක වූ භටපිරිස් වැව් බැම්මේ තර්ජනයට ලක්විය හැකි ස්ථාන පරික්‍ෂා කර ජලය පිටතට කාන්දු නොවන ආකාරයට වැලි උර අතුරා සකස් කරනු ලැබූ අතර ගංවතුර හේතුවෙන් ප්‍රදේශයට ඇතිවීමට තිබු මහා විනාශයක් වළක්වා ගැනීමට භටපිරිස් සමත් උනා

මෙම ප්‍රජාසත්කාරක වැඩසටහන කිලිනොච්චි ආරක්‍ෂක සේනා ආඥාපතිතුමන්ගේ සහ 57 වන සේනාංකයේ සේනාංකාධිපතිගේ උපදෙස් මත 571 වන බලසේනාවේ බලසේනාධිපතිගේ අධීක්‍ෂණය යටතේ භටපිරිස් සහ ප්‍රදේශවාසීන් එක්ව දියත් කරනු ලැබූ අතර

අධික වර්ෂාව හේතුවෙන් විපතට පත් වූ ප්‍රදේශ නිරීක්‍ෂණය කර ඉදිරි කටයුතු සිදුකිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරයා සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද එම අවස්ථාවට පැමිණ සිටිය

Leave a Reply

Your email address will not be published. Required fields are marked *