අතිශයින්ම කාන්තාවන්ට පමණක් වැදගත්වෙන කරුනු කිහිපයක් මෙන්න

අතිශයින්ම කාන්තාවන්ට පමණක් වැදගත්වෙන කරුනු කිහිපයක් මෙන්න

ඉතින් අතිශයින්ම කාන්තාවන්ට පමණක් වැදගත් වන. විශේෂයෙන්ම තරුණ සහ මැදිවියේ කාන්තාවන්ට ඉතා වැදගත් රහස් දේවල් ටික්ක් තමයි මේ

අද වෙද්දි යෞවනියන්, තරුණියන් වගේම මැදි වයසේ කාන්තාවන් බොහෝ දෙනෙක් කැමතියි තමන්ගේ ශරීරයේ අනවශ්‍ය රෝම ඉවත් කරන්න
ඒ අතරේ තවත් පිරිසක් තමන්ගේ රහසිගත ප්‍රදේශවල ඒ කියන්නේ ස්ත්‍රී ලිංගය වටා ප්‍රදේශයේ රෝම ඉවත් කරගන්න කැමැත්තක් තිබෙනවා එයට සාර්ථක සහ දිගු කාලීන ක්‍රම තියන නිසා බොහෝ දෙනෙක්ට මේක සාමාන්‍ය දෙයක් වෙලා තියනව

බොහෝ දෙනෙක් මේ විදිහට රහස් ප්‍රදේශයේ රෝම ඉවත් කරන්නේ හේතු කීපයක් නිසාම

බටහරි රටවල කාන්තාවන් නම් මේ විදිහට කරන්නේ තමන් බිකිනි වගේ ඇඳුම් අඳිනවිට බිකිනි පෑන්ට් එකේ දෙපැත්තෙන් රෝම එළියට ඇවිත් පෙනෙද්දි කැතට පේන හන්දයි ලංකාවේ බිකිනි සංස්කෘතිය එතරම් ප්‍රචලිත නැති නිසා කාන්තාවන් බොහෝ දෙනෙක් රහස් ප්‍රදේශයේ රෝම ඉවත් කරන්නේ ඒක පහසුයි කියලා හිතන හන්දා

ඒත් රහස් ප්‍රදේශවල රෝම පැවතීම ඔබ නොහිතන ප්‍රයෝජන සහ අවදානම් අවම කිරීම් ගණනාවකට හේතු වනවා

01 මේ විදිහට ඔබගේ ලිංගික ප්‍රදේශයේ රෝම තිබීම නිසා ආසාදන සිදුවීම පාලනය වැලකෙනවා බොහෝවිට ආසාදන, කුෂ්ට හෝ දිලීර බැඳීම් සිදුවෙන්නේ මේ ප්‍රදේශයේ තෙතට පැවතුනාම තමයි ඒත් රෝම තියෙද්දි බොහෝවිට මේ ප්‍රදේශ ඉක්මණින් වේලී යනවා

02 තවත් හේතුවක් තමයි Sඨෛ හෙවත් ලිංගිකව ආසාදනය වෙන රෝග පැතිරීම පාලනයටත් රහස් ප්‍රදේශයේ රෝම පැවතීම උපකාර වනවා ඒ කියන්නේ ඇතැම් සමාජ රෝග නිසා ලිංගික ප්‍රදේශයේ ඇතිවෙන ආසාදන, තුවාල මේ රෝම නිසා සමට ලංවීම සහ පැතිරීම පාලනය කරනවා

03 රහස් ප්‍රදේශයේ සංවේදීතාවය අඩුවීමත් රෝම ඉවත් කිරීම එක්ක සිදුවෙනවා මොකද රෝම කියන්නේ ස්පර්ශයෙන් ඉතා ඉක්මණින් සංවේදීතාවය ඇතිවෙන දෙයක් නිසා රෝම ඉවත් කිරීම නිසා රහස් ප්‍රදේශවලට ලිංගිකව එක්වීමේදී වගේම වෙනත් අවදානම් අවස්ථාවකදී ඇතිවිය හැකි සංවේදීතාවය අඩුවී යනවා ඒ නිසා රෝම තියන කොට මේ සංවේදීතාවය ඉතා හොඳ මට්ටමක පවත්වා ගන්න පුළුවන්

04 රහස් ප්‍රදේශය සහ ඉකිලි කියන්නේ ඉක්මණින් දහඩිය දාන තැන් විශේෂයෙන්ම කාන්තාවන්ගේ. නමුත් රෝම පැවතීම නිසා මේ දහඩිය දැමීම සහ වේගයෙන් දහඩිය උරාගැනීම පාලනය වනවා රෝම ඉවත්කරාම වෙන්නේ දහඩිය ඉතා අධිකව පිටවීම වගේම දෙපා දිගේ බේරීම

05 ලිංගිකව ආකර්ශණයේ යම් අඩුවක් ඇතිවීමත් එක් හේතුවක් වනවා බොහෝ කාන්තාවන් හිතනවා රෝම ඉවත්කලාම රහස් ප්‍රදේශ පිරිසිදු සහ ආකර්ශණීය වෙනවා කියලයි නමුත් ඇත්තම කතාව බොහොමයක් පිරිමි පාර්ශවය කැමති රෝම සහිතව තිබීමටයි

මේ වගේ හේතු නිසා රහස් ප්‍රදේශවල රෝම ඉවත් කිරීම නොකළ යුතුයි කියලා මතයක් තියෙන්නෙ හැබැයි ඉතින් තීරණය ඔබේ අතේ තමයි තියෙන්නෙ

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *