කොරෝනා ආසාදනය වීමෙන් මිය යන පුද්ගලයින්ගේ සිරුරු අනිවාර්යයෙන් ආදාහනය කිරීමේ ප්රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතින්ගේ සංවිධානය රජයෙන් ඉල්ලීමක් කර ඇති බව වාර්තා වනවා.එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් පිළිබඳ විශේෂඥයින් සිව්දෙනෙක් විසින් නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී තිබෙන්නේ කොරෝනා ආසාදනය වී මිය යන අයගේ මළසිරුරු ආදාහනය කිරීම මුස්ලිම් ජනතාව ඇතුළු සුළු ජාතිකයින්ගේ විශ්වාසයන්ට අසාධාරණයක් ලෙසයි.
විශේෂ නියෝජිතයින් වන අහමඩ් ශහීඩ්, ෆර්නැන්ඩ් ඩී වැරෙන්නස්, ක්ලෙමන්ට් නයලෙට්සොස්සි වූලේ සහ ලැලෙන්ග් මොෆෝකෙන්ග් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා ඇති බව වාර්තා වනවා.