දෙමළ ප්රගතිශීලී සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් මිලට ගැනීමට ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බව එම සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රි මනෝ ගනේෂන් මහතා සඳහන් කරනවා
තම පක්ෂය දෙකඩ කිරීමට උත්සාහ කරන කිසිවකුට හෝ සමාව නොදෙන බවද මන්ත්‍රීවරයා සඳහන් කලා
දෙමළ ජනතාව මෙම තත්ත්වය තේරුම් ගනු ඇතැයි ද විශ්වාස කරන බව කී ඔහු විදෙස්ගතව ජීවත් වන දෙමළ ජනතාව තවදුරටත් තමන්ට සහයෝගය ලබා දෙන්නැයි ඉල්ලා සිටින බවද පැවසුවා
එම පක්ෂයේ මන්ත්‍රීන් පිරිසක් ආණ්ඩුවට එක්වන්නේ දැයි මාධ්‍ය විසින් කළ විමසීමේ දී ඔහු මේ බව කියා සිටියා