PCR පරීක්ෂණ වල ප්‍රතිඵල හොදටම පරක්කුයි කොරෝනා පැතිරීම වලක්වන්න බෑ

PCR පරීක්ෂණ වල ප්‍රතිඵල හොදටම පරක්කුයි කොරෝනා පැතිරීම වලක්වන්න බෑ

කොව්ඩ් සම්බන්දයෙන් සැක විවිධ පුද්ගලයන්ගෙන් ගන්නා ලද PCR පරික්ෂන ප්‍රමාද විමත් සමග අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ සෞඛ්‍ය සේවා සපයන තමන් දැඩි දුෂ්කරතාවයන්ට පත්වන බව මෙම ප්‍රදේශයේ සමහර සෞඛ්‍ය සේවා නිලධාරින් කියා සිටිනවා

අඹගමුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ ගන්නා ලද PCR සාම්පල පරික්ෂා කිරිම සදහා නුවරඑළිය රෝහලට රැගෙන යන බවත් එහෙත් එහි PCR යන්ත්‍ර නිසි ලෙස ක්‍රියාත්මක නොවිමත් සමග එම PCR පරික්ෂාවන් සදහා එසේ ගන්නා ලද සාම්පල් බදුල්ලට රැගෙන යාමට සිදුව ඇති බවත් මෙම තත්වයන් මත ගන්නා ලද PCR සාම්පලවල වාර්ථාවන් ලැබිමට සමහර අවස්ථාවලදි දින 08කට වැඩි කාලයක් ගත වන බවද එම නිලධාරින් පවසා සිටියා

මෙම තත්වයන් මත සැක සහිත ආශ්‍රිතයන්ගේ ගන්නා ලද PCR වාර්ථා පැමිනෙන විට යම් අයකු කොවිඩ් ආසාදිතව ඇත්නම් එය ව්‍යප්තවිම වැලැක්විමට නොහැකි තත්වයක් පවතින බවත් මෙම තත්වයන් මත මෙම ප්‍රදේශ තුල කොවිඩ් වසංගතය වැලැක්විම අපහසු තත්වයක පවතින බවද එම නිලධාරින් වැඩි දුරටත් කියා සිටියා

මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු මධ්‍යම පලාත් සෞඛ්‍ය සේවා කාර්යාලයේ නිලධාරියකු පවසන ලද්දේ නුවරඑළිය රෝහලේ වායු සමිකරණ දෙකක ඇතිවු දෝෂයක් හේතුවෙන් එහි PCR පරික්ෂන යන්ත්‍ර දැඩි ලෙස රත් විමක් හේතුවෙන් එම PCR පරික්ෂන යන්ත්‍ර නිසි ලෙස බාවිතා කිරිමට නොහැකි විමෙන් පසු ගිය දිනවල මෙම ප්‍රමාද විම් සිදුවු බවයි

එම තත්වයන් මත එම යන්ත්‍රවලින් දිනකට කරනු ලබන PCR පරික්ෂාවන් තිහක් (30) පමන දක්වා අඩුවිමත් සමග සමහර PCR පරික්ෂාවන් සදහා එම සාම්පල බදුල්ල රෝහලට යැවිමට සිදුවු බවත් එම තත්වයන් මත PCR වාර්ථාවන් ලැබිම ප්‍රමාදයට හේතුවු බවද ඔහු පවසා තිබුනා

එහෙත් 23වන දින වන විට එම වායු සමිකරන නිසි ලෙස සකස් කිරිමට පියවර ගෙන ඇති බවට තමන්ට දැන ගැනිමට ලැබුන බවත් එම තත්වයන් මත එම යන්ත්‍රවලින් නැවත දිනකට PCR පරික්ෂාවන් 350ක් සිදු කිරිමට හැකියාව ලැබෙන බවත් එම තත්වයන් මත ඉදිරි දින දෙක තුන තුලදි PCR පරික්ෂන පමාවිමකින් තොරව සිදු කිරිමට හැකි වන බව නුවරඑළිය රෝහලේ නිලධාරින් තමන්ට පැවසු බවද ඔහු තව දුරටත් කියා සිටියා

– මනුර සුදත් සෙල්ලහේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *