කතරගම දේවාලයටත් කොරෝනා පැතිරෙයි

කතරගම දේවාලයටත් කොරෝනා පැතිරෙයි

පී.සී.ආර් පරීක්ෂණයකින් කතරගම මහා දේවාල භූමියේ පිහිටි “වල්ලි මාතා දේවාලයේ ප්‍රධාන කපු මහතාට සහ ඔහුගේ බිරිඳට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

ප්‍රධාන කපු මහතාගේ බිරිඳ පසුගියදා කතරගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයින් වාර්තා වූ මළ ගෙදරකට සහභාගීවීම හේතුවෙන් දෙබරවැව රෝහලේ කොරෝනා ඒකකයට යොමුකර තිබු අතර එහිදි ඇය ආසාදිත බවට හඳුනාගෙන තිබෙන අතර ඇගේ සැමියා නොහොත් දේවාලයේ කපු මහතාගේ පී.සී.ආර්. පරීක්ෂණයක්ද පසුව සිදු කර තිබේ.

අනතුරුව ඔහුටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.දේවාල භූමිය විෂබීජහරණය කොට දේවාලයේ සේවකයින් සියලුදෙනා නිරෝධායනයට යොමු කිරීමට මේ වන විට කටයුතු සිදු කර ඇත.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *