පවිත්‍රා දම්මික පැනිය බිවුවෙ එක හැන්දයි – සැමිය කියයි

පවිත්‍රා දම්මික පැනිය බිවුවෙ එක හැන්දයි – සැමිය කියයි

කොවිඞ් 19 ආසාදිතව සිටින සෞඛ්‍ය ඇමැතිනි පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය ධම්මික පැණිය පානය කළේ එක් අවස්ථාවකදී පමණක් බව ඇගේ සැමියා වන සබරගමුව පළාත් සභාවේ හිටපු සභාපති කාංචන ජයරත්න මහතා පවසනවා

ඇමැතිනිය ධම්මික පැණිය එක හැන්දක් පමණක් මාධ්‍යයට දැක ගැනීමට ප‍්‍රසිද්ධියේ පානය කළ බව ද ජයරත්න මහතා කියා සිටියා

ඇමැතිවරියට කොරෝනා ආසාදනය වීම හිතාගන්න බෑ

කොහෙන් බෝ වුණා ද කියලා අපිටත් ප්‍රශ්ණයක්

හැබැයි ඇය කොරෝනා මැඬලීමේ වැඩපිළිවෙළ පිළිබඳව සෞඛ්‍ය නිලධාරීන් මෙන්ම විවිධ පුද්ගලයන් සග එක්ව වැඩ කර සිටියා

ළඟදී දවසක ඇය උගුර ටිකක් රිදෙනවා කිව්වා හින්දා PCR සහ ඇන්ටිජන් පරීක්ෂණය කලා

ඇමැතිනිය හික්කඩුව ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක වන අතර අපි නිවසේ නිරෝධායන වනවා

නිවසේ වැඩ කරන ආරක්ෂක සේවයේ යෙදී සිටින සියලූම දෙනාත් PCR සහ ඇන්ටිජන් පරීක්ෂණවලට යොමු උනා ඇමැතිනිය හැර අප කාටත් කොරෝනා වැළඳී නැති බව එහිදී හෙළි උනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *