ලැබුණු පැමිණිල්ලකට අනුව අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ විමර්ශන නිලධාරින් විසින් අද සිදුකළ වැටලීමකදී කාන්තාවකගෙන් රුපියල් 150,000ක මුදලක් අල්ලසක් ලෙස ඉල්ලා එය ලබාගන්නා අවස්ථාවේදී පුද්ගලයෙකු ව අත්අත්අඩංගුවට ගෙන ඇත.
සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවෙකුට අනුරාධපුර මහාධිකරණයෙන් ඇප ලබාගැනීමට අධිකරණ නිලධාරින්ට සහ පොලිස් නිලධාරින්ට ලබාදිය යුතු බව සඳහන් කර මෙම සැකකරු විසින් අදාල අල්ලස් මුදල ගැනීමට තැත් කර තිබේ.
සැකකරු නොච්චියාගම පදිංචි පුද්ගලයෙක් වන අතර නොච්චියාගම බස් නැවතුම්පළ ඉදිරිපිට ඇති හෝටලයක දී ඔහු අත් අඩංගුවට ගෙන තිබේ.