ලංකාවේ ක්‍රිකට් විනාශ කලේ මහේල සහ සංගා

ලංකාවේ ක්‍රිකට් විනාශ කලේ මහේල සහ සංගා

වර්තමාන ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ කඩා වැටීමට හිටපු නායකයන් වන කුමාර් සංගක්කාර හා මහේල ජයවර්ධන වගකිව යුතු බව හිටපු ක්‍රිකට් නායක අර්ජුන රණතුංග මහතා සඳහන් කරනවා

ඔවුන් විසින් ක‍්‍රිකට් ඊළඟ පරම්පරාව හැදුවේ නැති බවටත් ඒ මහතා චෝදනා කරනවා

අදටද මෙරට ක්‍රිකට් ක්‍රීඩකයන් සියලු දෙනා පාලනය කරන්නේ සංගක්කාර සහ මහේල ජයවර්ධනගේ සමාගමකින් පාලනය කරන කළමනාකාර වරයෙක් බවද පැවසූ අර්ජුන රණතුංග මහතා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කිරීම ඔහු සිදුකළ බවද සඳහන් කලා

ක‍්‍රිකට් පාලක මණ්ඩලය අන්ත දූෂිත බවත් අදටත් ක්‍රිකට් පාලක මණ්ඩලයේ පාලනය කරන්නේ තිලංග සුමතිපාල විසින් බව තමන්ගේ අදහස බව ඔහු පවසනවා

ක්‍රිකට් නිලවරණයට ගෝඨාභය හෝ මහින්ද පැමිණියත් ජයගැනීමට නොහැකි බවද ඔහු කියා සිටියා

ඒ මහතා මේ බව සඳහන් කළේ අන්තර්ජාල නාළිකාවක් සමඟ සංවාදයකට එක්වෙමින්

Leave a Reply

Your email address will not be published. Required fields are marked *