කොරෝනා නිසාවෙන් නයි නටවන්නන් දැඩිලෙස අසීරුතාවයට

කොරෝනා නිසාවෙන් නයි නටවන්නන් දැඩිලෙස අසීරුතාවයට

සිය වෘත්තිය ලෙස ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශණය කරමින් මුදල් ඉපයීමේ කාර්යයේ නිරතවූ අහිකුණ්ඨක ජනතාව මේ දිනවල රට පුරා බලපා ඇති කොරෝනා වෛරසය හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටීමේ පුවතක් තඹුත්තේගම කුඹුක්ගැටේ අහිකුණ්ඨක ගම්මානයෙන් වාර්තා වනවා

අහිකුණ්ටක කුලය යැයි සලකෙන මෙම කුලයට අයත් මිනිසුන්ගේ සිය උපන් භූමිය ලෙස සැලකෙන ඉන්දියාව කේරළ ප්‍රාන්තයේ තෙලිගු ජාතිකයින් බව කව්රුත් නොදන්නා කරුණක් පසු කාලීනව මොවුන් ඉන්දියාවේ සිට අප රටට සංක්‍රමණය වීමෙන් අනතුරුව මුල්ම ජනාවාසය කුඹුක්වැව ජනපදයේ පිහිටුවා ගැනීමෙන් අනතුරුව එහි තෙලිගු ජාතික පවුල් 50ක් පමණ වාසය කල බවට ඉතිහාසය මනාව සාක්ෂි දරනවා

කුඹුක්වැව ජනපදයේ පදිංචිව සිටි මොවුන් එවකට ආගම ලෙස වන්දනාමාන කර ඇත්තේ වෘක්ෂ වන්දනාව ගිනි දෙවියන් පිදීම පර්වත වන්දනාව වැනි ස්භාවික වස්තූන්ට මෙලෙස නමස්කාර කර තිබෙනවා

පසු කාලීනව මොවුන්ගේ වර්ධන වේගයත් සමග මොවුන් බහුතරයක් නොයෙකුත් ආගම් සිප වැළද ගැනීමට සමත්ව ඇති බව සදහන්. ඒ අනුව බුද්ධාගමට ප්‍රමුකස්ථානයක් ලබා දෙන අතර සමහර පිරිස් කතෝලික ධර්මයද අදහමින් සිටින බව කියනවා

මෙම තෙලිගු ජාතිකයින්ගේ ජීවනෝපාය වී තිබුණේ ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශණය කර මුදල් උපයා ගැනීමයි එහිදී මොවුන් බූරුවෙකු පිට බැදි තවලමක ආධාරයෙන් ගමින් ගමට ඇවිද යන මොවුන් එක් ගම්මානයක ඉදිකරන කූඩාරමක් සිය වාසස්ථානය බවට පත්කර ගන්නා අතර එකී කූඩාරම තුල දින හතක් රැදී සිටිමින් අවට ගම්මාන වෙත ගොස් සතුන් ප්‍රදර්ශණය කර දෛනික ආදායම සරිකර ගන්නවා

එම ප්‍රදර්ශණයන් සදහා විෂ ඝෝර සර්පයින් යොදා ගන්නා අතර නාගයාට ඔවුන් විශේෂත්වයක් දක්වන නවා ඒ අනුව රජ කුලය බමුණු කුලය ගොවි කුලය ගැරඩි කුලය බෙරවා කුලය වැනි කුල වලට අයත් නාගයින් වනාන්තර තුලදී අල්ලා ගන්නේද සුදු එළවරා නැමති ඖෂධීය ශාකය උපයෝගි කරගනිමින් බව සදහන්

ඊට අමතරව පොළගා පිඹුරා රිළවා වැනි සතුන්ද මෙම ප්‍රදර්ශණයට යොදා ගන්නා අතර සතුන් දර්ශණය කිරීම සදහා යොදා ගන්නා නලාව තිත්ත ලබු ගෙඩියක ආධාරයෙන් සදා ගන්නා මොවුන් එය නයි නලාව නමින් හදුන්වනු ලබනවා නයි පෙට්ටිය කල වැල් ආධාරයෙන් නිමවා ගන්නා අතර සියළුම සතුන් එම පෙට්ටිය තුල බහාගෙන මෙලෙස ප්‍රදර්ශණ සදහා යන බව සදන්

එහිදී මොවුන්ගේ විශේෂත්ව වී ඇත්තේ විෂ ඝෝර සර්ප දෂ්ඨය සදහා ක්ණික ප්‍රතිකාර මොවුන් සතුව තිබීම නිසයි එම ප්‍රතිකාරය මොවුන් හදුන්වන්නේ නයි ගල හෙවත් විෂ ගල ලෙසට එම විෂ ගල සකස් කර ගැනීම සදහා තුන් මසක් පමණ ගත වන බව සදන්

නමුත් පසු කාලිනව මොවුන්ට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සහිත 1971 වර්ෂයේ තඹුත්තේගම කුඩාගම ප්‍රදේශයේ ජන උදාන ගම්මානයක් ඉදිවන්නේ දිවංගත ආර්.ප්‍රේමදාස මහතාගේ සංකල්පයකට අනූව

එහි පදිංචියට පැමිණි මොවුන් පසු කාලීනව විවිධ තරාතිරම් වල රැකියා තෝරා ගැනීමත් සමග මොවුන්ගේ පාරම්පරික සත්ත්ව ප්‍රදර්ශණය මේ වන විට සීඝ්‍රයෙන් විනාශයේ හිංපෙත්තට ලගා වෙමින් තිබෙන බවට පෙර නිමිති පහළ වෙමින් පවතිනවා

එයට හේතුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රටේ ජීවත් වන අනෙකුත් ජන කොටස් විවිධාකාර ගරු බුහුමන් සහිත වෘත්තීන් සිදු කරමින් සිටීම තමන් පමණක් සාම්ප්‍රධායිකව සිදුකරමින් පැමිණි මෙම කර්මාන්තය පිලිබද අද සමාජය පහත් කොට සැලකීම එකී කර්මාන්තය පිලිකුල් කිරීම වැනි කරුණු කාරනා තමන්ගේ දරු පරපුර අද වන විට රටේ උසස් ස්ථාන වල විවිධාකාර නිළ තල හොඹවමින් සිටීම පාසල් යන අවදියේ ළමුන්ද තම වෘත්තියට අකැමැති නිසාවෙන් තමන්ගේ පවුල් වල සාමාජිකයින්ට මෙන්ම තම පරම්පරාවටම සතුන් ප්‍රදර්ශණය කර මුදල් ඉපයීමේ රැකියාව විශාල කැළලක් වී ඇති නිසාවෙන් සිය කර්මාන්තයට සමුදීමට සිදුව ඇති බව සදහන්

මේ හේතුව නිසාවෙන් දැනට වසර දහයකට පෙර සිට සතුන් ප්‍රදර්ශණය කිරීමේ කලාව කුඩාගම ගම්මානයෙන් වැළලී යාමේ මං සළකුණු ඉස්මතුවෙමින් තිබෙන බවත් තමන් මෙපණ කලක් පුරාවට පවත්වගෙන ආ මෙම පාරම්පරික රැකියාව නුදුරේදීම සම්පූර්ණයෙන් නවතින බවත් ඉදිරි පරපුරට මෙය අහිමිව යාම බරපතල ගැටළුවක් බවටයි පාරම්පරික වැඩිහිටියන් පෙන්වා දෙනේ

ඒ අනුව කුඩාගම පාඩුපංචියාව වව්නියාව ඉරට්ටුකලම් අක්කරෙයිපත්තුව අලිගම්පෙ මිහින්තලේ කලාවැව වැනි ප්‍රදේශවල පදිංචි පවුල් 10000ට ආසන් පිරිසකයෙන් දැනට අල්පයක් පමණ පවුල් 200ක් මෙම වෘත්තියේ නියෙලෙමින් දැනටත් ආදායම් උත්පාදනය කර ගන්නා බව සදහන්

නමුත් අද වන විට මොවුන් මුහුණපා ඇති ප්‍රධානතම ගැටළුව ලෙස ඔවුන් පෙන්වා දෙන්නේ රට පුරා ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයත් සමග ගමින් ගමට ගොස් සතුන් ප්‍රදර්ශණයට තහංචි පැනව තිබීම හේතුවෙන් සිය කර්මාන්තය සම්පූර්ණයෙන්ම පහත වැටීම නිසාවෙන් ආර්ථිකමය වශයෙන් දැඩි ලෙස සිය කර්මාන්ත කරුවන් පීඩාවට පත්ව සිටින බවටයි

පුත්තලම කේ.ප්‍රියංකර කළුපහන

Leave a Reply

Your email address will not be published. Required fields are marked *