මුලතිව් කුලාමුරිප්පු රක්ෂිතයේ දළ ඇතෙකු වෙඩි තබා ඝාතනය කර දළ කපාගත් පුද්ගලයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගැනුනා
සැකකරුවන් දින කිහිපයකට ඉහතදී මෙම සත්වයාට වෙඩි තබා ඇති අතර ඇතාගේ අඩි 4කට ආසන්න දිගින් යුත් දළ කපාගෙන ඇති බවටයි අනාවරණ වී තිබෙන්නේ
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් දෙදෙනා මුල්ලියාවේලි ප්රදේශයේ පදිංචි අවුරුදු 30 සහ 31 වයස්වල පසුවන දෙදෙනෙක්
මියගිය ඇතාගේ මරණ පරීක්ෂණය වනජීවී නිලධාරීන් විසින් සිදුකළ අතර සැකකරුවන් විසින් කපාගැනීමෙන් අනතුරුව සිරුර තුළ ඉතිරිව තිබූ දළ කොටස් ලබාගෙන තිබුනා
එම කොටස් දළ කැපූ සැකකරුවන් සතුව තිබූ දළ යුගලයට ගැලපෙන බවටයි අනාවරණ වී තිබෙන්නේ.
අඩි 7ක පමණ උසකින් යුත් වයස අවුරුදු 20ක් පමණ වන ඇතෙක් මෙලෙස ඝාතනය කර තිබුනා
දේශීයව නිශ්පාදිත ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර ඇති අතර මුල්ලියාවේලි පොලිසිය සහ වනජීවී නිලධාරීන් එක්ව කළ මෙහෙයුමකදීයි සැකකරුවන් අත්අඩංගුවට ගත්තා
මෙම පුද්ගලයන් දෙදෙනා අදාළ දළ යුගළ විකිණීමට සූදානම් කර තිබු බවයි සදහන් උනේ