නැගෙනහිර පලාත, උතුරු පලාත, උතුරු මැද පලාත, ඌව පලාත යන පලාත්වල මාතලේ දිස්ත්‍රික්කය, නුවර එලිය දිස්ත්‍රික්කය යන දිස්තික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කලා.
නැගෙනහිර පලාතේ, උතුරු පලාතේ, උතුරු මැද පලාතේ සහ මධ්‍යම කඳුකරයේ බෑවුම් ප්‍රදේශවලත් පැයට කි.මී.50ක් ඉක්මවූ තද සුළං ඇතිවිය හැකි බවත් සබරගමුව පලාතේ, බස්නාහිර පලාතේ, ගාල්ල දිස්ත්‍රික්කයේ, මාතර දිස්ත්‍රික්කයේ සවස 1.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සමහර ප්‍රදේශවලට මි.මී. 75 ක් ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ නිවේදනයේ සඳහන් වනවා.