නැගෙනහිර පලාත, උතුරු පලාත, උතුරු මැද පලාත, ඌව පලාත යන පලාත්වලත් නුවර එලිය දිස්ත්‍රික්කය, මාතලේ දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන බවත් ඌව පලාතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ, නුවර එලිය දිස්ත්‍රික්කයේ, මාතලේ දිස්ත්‍රික්කයේ සමහර ප්‍රදේශවලට මි.මී.50 ක් ඉක්මවූ තරමක තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කලා.
නැගෙනහිර පලාත, උතුරු මැද පලාත, උතුරු පලාත, යන පලාත්වල සහ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවල විටින් විට හමන සුළං ධාරා විටෙක පැයට කි.මී.50කට වඩා වැඩි වේගයක් ගනු ඇති බවත් අනෙකුත් ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර සබරගමුව පලාත, බස්නාහිර පලාත යන පලාත්වලත් මාතර දිස්ත්‍රික්කය සහ ගාල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්කවලට සමහර ප්‍රදේශවලට මි.මී.75 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවත් කාලගුණ වාර්තාවේ සඳහන් වනවා.