අම්පාරම හඩවමින් මව සහ පුතා එකම තැන එලොව යැවූ සිද්ධියේ සුල මුල එළියට

අම්පාරම හඩවමින් මව සහ පුතා එකම තැන එලොව යැවූ සිද්ධියේ සුල මුල එළියට

33 හැවිරිදි කාන්තාවක් සහ 13 හැවිරිදි වියේ පසුවූ ඇයගේ පුත්‍රයා අමානුෂික ලෙස ඝාතනය කළ පුවතක් පිළිබඳව අම්පාර දමන ප්‍රදේශයෙන් ඊයේ වාර්තා වුණා.

අදාල ඝාතන දෙක එම කාන්තාවගේ අනියම් සැමියා විසින් සිදු කර තිබෙන බවට සැක පල වී තිබෙනවා.අදාල සිදුවීම සිදු වූ දිනයේ රාත්‍රියේ සැකකාර සැමියා එම නිවසේ මත් පැන් පානය කර තිබෙන අතර ඊට පසුදින අලුයම් කාලයේ ඔහු විසින් අනියම් බිරිදගේ මවට දුරකථන ඇමතුමක් ලබාදී එම කාන්තාව තමන්ට බැන වදින බව පවසා තිබේ.

පසුව අනියම් බිරිද ද එම මවට දුරකථනයෙන් අමතා අනියම් සැමියා තමන්ට හිරිහැර සිදුකරන බවත් හෙට දිනයේ තම දරුවාට පාසල් යාමට සිදු නොවන බවත් පවසා තිබෙනවා.පසු දින උදෑසන තම දියණියගේ දුරකථනයට ඇමතුම් ගත්තත් ඒවාට ප්‍රතිචාර නොදැක්වීම නිසා එම මව අසලැසි කාන්තාවක් සමග දියණියගේ නිවසට ගොස් තිබෙන අතර ඒ වන විට තම දියඓය සහ මුණුපුරා ඝාතනය කර තිබෙන බව දැක දමන පොලීසිය දැනුවත් කර තිබෙනවා.

අනතුරුව ක්‍රියාත්මක වූ දමන පොලීසිය මේ වන විට පරීක්ෂණ පවත්වන අතර සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව සඳහන් වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *