හැටන් නගරයේ එළවලු මිල සීග්රයෙන් ඉහල යාමත් සමග එම ප්රදේශයේ ජනතාව දැඩි දුශ්කරතාවයන්ට මුහුන දී තිබෙනවා
මේ වන විට හැටන් වෙලද පොලේ අමු මිරිස් කිලොවක මිල රුපියල් 900ත් 1000ත් අතර මිලකට අලෙවි වන අතර වට්ටක්කා කිලෝවක මිල රුපියල් 220ත් 240 ත් දක්වා ඉහල ගොස් තිබෙනවා
ඊට අමතරවමාලු මිරිස් කිලොවක මිල රුපියල් 450ත් 500ත්, කැරට් ,මෑකරල්, තක්කලි, බන්ඩක්කා, බොංචි කිලෝවක මිල රුපියල් 160ත් 180ත් අතර මිලකට අලෙවි වන අතර එලබටු, වම්බටු, පතෝල, වැටකොලු කිලොවක මිල රුපියල් 250ත් 280ත් අතර මිලකට අලෙවි වන බවද සදහන්
එමෙන්ම කරවිල කිලෝවක් රුපියල් 350ත් 360ත් අතර මිලකටද දෙහි කිලෝව රුපියල් 300ක් දකවා ඉහල ගොස් තිබෙනවා
එලවලු මිල ඉහල යාමත් සමග හැටන් ජනතාවට එලවලු මිලදී ගැනීමට නොහැකි තතවයක් උදා වී ඇති අතර එම හේතුව නිසා හැටන් ජනතාව විවිද දුශ්කරතාවන්ට මුහුන දී ඇති බවද සදහන්
එලවලු මිල මෙසේ ඉහල යාමත් සග කෑම පැකට්ටුවේ මිලද තවත් ඉහල දැමීමට සිදු වන බව සමහර හෝටල් හිමියන් ප්රකාශ කර තිබෙනවා
මේ පිලිබදව කරන ලද විමසීමකදී අදහස් දකවන නගරයේ වෙලෙදුන් කිහිප දෙනෙකුම පවසන්නේ මෙම දිනවලදී එලවලු මිල එහල යාමත් සමග එලවලු අලෙවියද දැඩි ලෙස පහල වැටීමත සමග තමන්ද දැඩි දුශ්කරතාවයන්ට මුහුන දීමට සිදුව ඇති බව