ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කොදෙව් සංචාරය දින නියමයකින් තොරව කල් යයි

ඉදිරියේදී පැවැත් වීමට නියමිතව තිබූ ශ්‍රි ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දිය කොදෙවු සංචාරය දින නියමයක් නොමැතිව කල්දමන බව ශ්‍රි ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා

ක්‍රිකට් ආයතනයේ සභහාපති ශම්ම් සිල්වා මහතා මේ බව තහවුරු කලා

ක්‍රිකට් කණ්ඩායමේ පුහුනු කරු මිකී ආතර්ට සහ ක්‍රිඩක තිරිමාන්නට කොරෝනා ආසාධනය වීම නිසා කණ්ඩායමම නිරෝදායනයට පියවර ගත්තා

එළඹෙන බටහිර ඉන්දීය කොදෙව් ටෙස්ට් තරගාවලිය ඉලක්ක කර ගනිමින් 35 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා මූලික සංචිතයේ ක්‍රීඩකයන් පසුගිය දිනවලදී කණ්ඩායම් තුනක් වශයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේදී පුහුණුවීම් කරන අතර එහිදී සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයේ වාර්තාව අනුවයි ඔවුන් දෙදෙනාට කොවිඩ් ආසාදනය වී ඇති බව තහවුරු වී තිබුනේ

මේ අතර පසුගියදා පැවති සධීර සමරවික්‍රමගේ විවාහ උත්සවය සඳහාද ලහිරු තිරිමාන්න ඇතුළු ක්‍රිකට් ක්‍රීඩකයන් සහභාගී වී සිටි අතර ඒ හේතුවෙන් එම විවාහ උත්සවයට සහභාගී වූ සියලුම දෙනා මේ වන විට ස්වයං නිරෝධායනය සඳහා යොමු කර තිබුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *