තවත් සංචාරකයින් පිරිසක් මත්තලට එයි

තවත් සංචාරකයින් පිරිසක් මත්තලට එයි

රජය මගින් ක්‍රියාත්මක කරනු ලබන සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ව්‍යාපෘතිය යටතේ කසකස්තානයේ සිට පැමිණි මගින් 169 දෙනෙකුගෙන් යුත් පළමු සංචාරක කණ්ඩායම අද මත්තල ගුවන් තොටුපොලින් දිවයිනට පැමිණියා

කසකස්තාන ගුවන් සේවයක් පළමුවරට මෙරට දක්වා ගුවන් ගමන් ආරම්භ කිරීම ද අද සිදුකෙරුණු අතර ඒ කසකස්ථානයේ අල්මාටි සිට මත්තල ගුවන්තොට දක්වායි

ඉදිරියේදී මගී සංචාරක හා භාණ්ඩ මෙහෙයුම් සදහා මෙන්ම ශ්‍රී ලංකාවේ ජනප්‍රිය මුහුදු වෙරල තම ගනුදෙනුකරුවන්ට හදුන්වා දීම එයා අස්තානා ගුවන් සේවය බලාපොරෝතුවන බවයි එහි කළමනාකරුවන් පවසා සිටියේ

එමෙන්ම මෙම පැමිණීම වෙනුවෙන් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ හා රාජ්‍ය අමාත්‍ය ඩි.වී චානක මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ මාධ්‍ය හමුවක්ද ගුවන්තොටුපොළ පරිශ්‍රයේදී සිදුකෙරුනා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *