මව සමග තරහ වී පාසල් ගිය සිසුවිය ඉහළ කොත්මලේ ජලාශයෙන් මතු වෙයි

මව සමග තරහ වී පාසල් ගිය සිසුවිය ඉහළ කොත්මලේ ජලාශයෙන් මතු වෙයි

තලවකැලේ රත්නිල්ලකැලේ ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි පාසල් සිසුවියක් ඉහල කොත්මලේ ජලාශයට පැන සියදිවි හානි කරගෙන ඇති බවට වාර්තා වනවා.

එම සිසුවිය උදෑසන 6.00ට පමණ පාසල් යාමට පිටත්ව්ව තිබෙන අතර කොත්මලේ දුම් රිය පාලමෙන් ජලාශයට පනින අයුරු අසල සිටි ප්‍රදේශවාසීන් දැක තිබෙනවා.මවත් සමග ඇතිවූ සිත් තැවුලක් නිසා ඇය මෙසේ සියදිවි නසාගෙන ඇති බව සඳහන් වනවා.

තලවාකැලේ පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *